15 හැවිරිදි දැරිය අන්තර්ජාලය ඔස්සේ මුදලට ලබාගෙන අපහරණය කළ හිටපු ඇමති අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
05

15 හැවිරිදි දැරිය අන්තර්ජාලය ඔස්සේ මුදලට ලබාගෙන අපහරණය කළ හිටපු ඇමති අත්අඩංගුවට

15 හැවිරිදි දැරිය අන්තර්ජාලය ඔස්සේ මුදලට ලබාගෙන අපහරණය කළ හිටපු ඇමති අත්අඩංගුවට

මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් අශාම්ලී මෙරටදී 15 හැවිරිදි දැරියක් දුෂණයට ලක් කිරිමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

15 හැවිරිදි දැරිය මුදලට අලෙවි කිරිමේ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයන්ට අනුව මෙම හිටපු ඇමතිවරයා ඇතුළු තිදෙනෙකු ඊයේ දිනයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

 

මෙම සිද්ධියට අදාලව තවත් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

 

15 හැවිරිදි දැරිය දුෂණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 32ක් වන අතර දැරියගේ මව, මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා, චීවරධාරියෙක්, ඇතුළු පිරිසක් ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

 

 

views

1290 Views

Comments

arrow-up