පාඨලීගෙන් සී.අයි.ඩී යට පැය 3ක ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
24

පාඨලීගෙන් සී.අයි.ඩී යට පැය 3ක ප්‍රකාශයක්

පාඨලීගෙන් සී.අයි.ඩී යට පැය 3ක ප්‍රකාශයක්

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද(24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඉන් පිටව ගොස් තිබේ.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් පැය 3ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

 

එම අවස්ථාවේදී සමගි ජන බලවේගයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු‍ පිරිසක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට පැමිණ සිටියහ.

 

ඉකුත් යහපාලන ආණ්ඩුව සමයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කළ “යකඩ මිනිසා” නම් ව්‍යාපෘතියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතාගෙන් ප්‍රශ්නකර ඇති බව වාර්තාවේ.

views

409 Views

Comments

arrow-up