බඩඉරිඟු කිලෝ ග්‍රෑමයකට රුපියල් 160 ක මිලක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

බඩඉරිඟු කිලෝ ග්‍රෑමයකට රුපියල් 160 ක මිලක්

බඩඉරිඟු  කිලෝ ග්‍රෑමයකට රුපියල්  160 ක මිලක්

බඩඉරිඟු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 160.00කට මිල දී ගැනීමට සත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් එකඟත්වය පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 

මෙවර මහ කන්නයේ දී බඩ ඉරිඟු හෙක්ටයාර් 65,000ක්  වගාකර තිබෙන අතර, ඉන් අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 135,000 ක් වේ.  2023 යල සහ මහ කන්න දෙකේ දී හෙක්ටයාර් 130,000ක් වගා කිරීමට සැලසුම් කර ඇති අතර ඉන් අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් බව සදහන් වේ.

 

ලංකාවේ වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 05කට ආසන්න වේ.

views

245 Views

Comments

arrow-up