SEP
05
වී ගබඩා වැටලීම ඇරඹේ - සහල් සැඟවූ ගබඩා 8කට සීල්

ලියාපදිංචිය නොකල වී ගබඩා සෙවීමේ මෙහෙයුම් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අද දිනය තුළ පමණක් වී සඟවාගෙන සිටි ගබඩා 8කට එම නිලධාරීන් විසින් මුද්‍රා තැබුණා.
ඉන් 3ක් වවුනියාව ප්‍රදේශයේ වී ගබඩා වන අතර මෙම ගබඩා වල සඟවා තිබුණු වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 145කි.
මරදන් කඩවල ප්‍රදේශයේ තවත් වී මෝල් පහකට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මුද්‍රා තැබුණු අතර එහිදී ද වී කිලෝ ග්‍රෑම් ලක්ෂ දෙකක් පමණ සොයාගැනුනා.
729 Views
Comments