පුද්ගලික ආරක්ෂක නියෝජිතායතන ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළට

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචිය සහ අළුත් කිරීමේ ගාස්තු ඉහළ නංවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
රුපියල් 15,000 ක් ලෙස පැවති මුල්වරට ලියාපදිංචි කිරීමේ ගාස්තුව දැන් රුපියල් 35,000 කින් ඉහළ නංවා ඇති අතර එහි නව ගාස්තු රුපියල් 50,000 ක්වේ.
මීට අමතරව ලියාපදිංචිය අලුත් කිරීමට ගාස්තුව රුපියල් 10,000 සිට රුපියල් 25,000 දක්වා රුපියල් 15,000 කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.
පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතනයක බලපත්‍රය කල් ඉකුත් වී, පළමු මාසය තුළ ප්‍රමාද ගාස්තු රුපියල් 10,0000 ක් ලෙසද බලපත්‍රය කල් ඉකුත් වී දින 31 ත් 94 ත්කාලය ප්‍රමාද ගාස්තුව රුපියල් 25,000 ක් ලෙසද දින 90 කට පසු ප්‍රමාද ගාස්තු රුපියල් 35,000 ක් ලෙසද සංශෝධනය කර තිබේ.
මෙම සංශෝධනය පසුගිය මස විසි වන දින සිට ක්‍රියාත්මක විය යුතු බවට ද එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.
212 Views
Comments