අද පැය 10ක් විදුලිය නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

අද පැය 10ක් විදුලිය නෑ

අද පැය 10ක් විදුලිය නෑ

විදුලි ජනනයට අවශ්‍යය ඉන්ධන සහ ජලය  ප්‍රමාණවත් ලෙස නොමැති වීම හේතුවෙන් අද(30) සමස්ත ශ්‍රී ලංකාවට පැය 10ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ(29) පස්වරුවේ පැවසීය.

 

‘ඒ’ සිට ‘ඉසෙඩ්’ දක්වා කලාප 26ටම පළමු වරට පැය 10ක කාලයක් විදුලිය කප්පාදු කිරීම මෙහිදී කැපී පෙනේ.

 

‘ඒ’ සිට ‘එස්’ කලාප 20ට පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ පැය 10ක් ද, එම්, එන්, ඕ, එක්ස්, වයි සහ ඉසෙඩ් යන කළාප හයට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා අඛණ්ඩව පැය 10ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.

views

683 Views

Comments

arrow-up