ඉන්ධන්හල් වෙත එන යුද හමුදාවට ගිනි අවි තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

ඉන්ධන්හල් වෙත එන යුද හමුදාවට ගිනි අවි තහනම්

ඉන්ධන්හල් වෙත එන යුද හමුදාවට ගිනි අවි තහනම්

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධන පිරවුම්හල් වෙත යුද හමුදාව යෙදවීමේදී ගිනි අවිය ඉවත් කොට යොදවන ලෙසට නියෝග පැමිණ තිබෙනවා.

 

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අප වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඉන්ධන හල් සඳහා යුද හමුදාව යොදවනු ලැබුවේ අධීක්ෂණයට පමණක් බවයි ඒ සඳහා ගිනි අවි අවශ්‍ය නොවන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

 

ඉන්ධන හල් වලින් නිසි ලෙස ඉන්ධන බෙදා හැරීම පමණක් බවත් මෙහිදී සොයා බැලෙන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

 

අද දින සිට සිපෙට්කෝ ඉන්ධන හල් වෙත මෙලෙස යුද හමුදාව යෙදවීමට ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබුණා.

views

785 Views

Comments

arrow-up