තබ්බෝව අභය භූමියේ පැල ගැලවූ හතක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

තබ්බෝව අභය භූමියේ පැල ගැලවූ හතක් අත්අඩංගුවට

තබ්බෝව අභය භූමියේ පැල ගැලවූ හතක් අත්අඩංගුවට

තබ්බෝව අභය භුමියට අයත් 12 කණුව ප්‍රදේශයේ ඇල මාර්ගයකින් ස්භාවික ශාඛ නීති විරෝධි අයුරුන් ගලවමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව අඩවි වනජීවි කාර්යාලය පවසයි.

 

කරුවලගස්වැව 12 කනුව හා ඒ අවට පදිංචිකරුවන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගත් බව වනජීවි නිළධාරිහු පැවසූහ.

 

එම සැකකරුවන් තබ්බෝව අභය භුමියේ ඇළ මාර්ගයක තිබු කුඹුක්, බුළු, කරද, මී, වෙලන් ඇතුළු ශාඛ මෙලෙස නීති විරෝධි අයුරින් ගලවමින් සිටියදි වනජීවි නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

රුපියල් මිලියන 3500ක් වැය කරමින් කොළඹ නගරය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ වැඩසටහනක් බව පැවසෙන නාගරික තුරුගොමු ස්ථාපනය, මාර්ග දෙපස රුක් රෝපනය හා ඇවිදින මංතිරු අවට සිටුවිමට මෙම ශාඛ ගලවා ඇති බව වනජීවි නිළධාරින් සිදුකල පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ.

views

888 Views

Comments

arrow-up