නුදුරේදීම පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 2300 ක් ජාතික පද්ධතියට

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ, විදුලි බල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙම වසරේ සිට 2006 වසර දක්වා වසර හතරක කාලය තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 330 ක් ක්‍රියාත්මක කරන බවයි.
අද (01) විදුලි හා බලශක්ති අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, මෙගාවොට් 2300 ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමේ හැකියාව පවතින බවයි.
තවද රාජ්‍ය ආයතනවලින් අනුමැතිය දිය හැකි ව්‍යාපෘති කඩිනම් කිරීමටත්, අනුමැතියක් ලබා දිය නොහැකි ව්‍යාපෘති වෙනුවෙන් දැනට දී ඇති තාවකාලික බලපත්‍ර අහෝසි කිරීමටත් අද පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබේ.
220 Views
Comments