AUG
30
ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන 7ක් තහනම් කෙරේ

එක් වරක් භාවිතා කිරීමෙන් පසු ඉවත් කරන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන 7ක් තහනම් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අද දිනයේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඒ අනුව ප්ලාස්ටික් වලින් සැකසූ බීම බට, හැඳි, බීම කෝප්ප, ගෑරුප්පු, පිහි, ඉඳිආප්ප වට්ටි හා ප්ලාස්ටික්, පොලිතීන් වලින් සකසන මල්මාල ආදිය තහනම් වේ.
782 Views
Comments