අද කාලගුණය

ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල සහ බස්නාහිර , සබරගමුව , මධ්‍යම පළාත්වල මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේද ස්වල්ප වශයෙන් වැසි බලාපොරොත්තු විය හැක.
සවස් කාලයෙන් පසුව ඌව පළාතේ සහ අම්පාර , මඩකලපුව , හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමේ , උතුරු , උතුරු මැද , වයඹ පළාත්වල හා හම්බන්තොට , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර 40 - 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මඟින් ඇතිවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
722 Views
Comments