බූස්ටර් ගත් අයට මුහුණු ආවරණය නොපැලඳ සිටීමට අවසර

බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් පසු මෙරට සියළු ජනතාවගේ ප්‍රතිශක්තිකරණය අපේක්ෂා කරන මට්ටමට ළඟා වුවහොත් මුහුණු ආවරණ පැලඳීමෙන් තොරව උත්සව පැවැත්වීමට සහ රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණරත්න මහතා පවසනවා.
මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ එකම පුද්ගලයෙකුට අවස්ථා කිහිපයකදීම කොරෝනා වෛරසය වැළඳීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බවයි.
අද දිනයේද මෙරටින් නව ආසාදිතයන් 1,231 දෙනෙකු හඳුනා ගැනුනා.
4275 Views
Comments