විදුලි බිලට පොලු තැබූ ඇමති ජල බිලටත් පොලු තියලා... මැරුණු ඇමතිවරු සෙට් එකකුත් ඒ අතර...

දැනට මියගොස් සිටින මැති ඇමැතිවරුන් විසි පස්දෙනකු ඔවුන් ජීවතුන් අතර සිටියදී සිය නිල නිවාස සහ පෞද්ගලික නිවාස සඳහා ලබාගත් ජලය වෙනුවෙන් ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයට රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවා නැතැයි වාර්තා වේ.
මේ පිරිස මියගොස් සිටින හෙයින් එම මුදල ඒ අයගේ පවුල්වල සාමාජිකයන්ගෙන් අයකර ගැනීම ගැටළුකාරීවී ඇතැයි ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩල ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ තත්වය යටතේ එම හිඟ මුදල අයකර ගැනීම අත්හැර දැමීමට බොහෝ දුරට සිදුවනු ඇතැයි ඒ ආරංචි මාර්ග සඳහන් කරයි.
සිය නිල නිවාස සහ පෞද්ගලික නිවාස සඳහා ලබාගත් ජලය වෙනුවෙන් එම හිඟ මුදල් ගෙවන ලෙස ඒ මැති ඇමැතිවරුන් ජීවතුන් අතර සිටියදී නොයෙක් වර ඉල්ලීම් කර ඇතත් ගෙවීම් කර නොතිබූ බව දැනගන්නට ඇත.
මේ අතර සිය නිල නිවෙසට ලබාගත් විදුලිය වෙනුවෙන් හිඟ මුදලක් ගෙවීම පැහැර හැර සිටියේ යැයි කියන ඇමැතිවරයකු එම නිල නිවෙසට ලබාගත් ජලය වෙනුවෙන්ද හිඟ මුදලක් ගෙවීමට ඇතැයි ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය පවසයි.
1018 Views
Comments