දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කල වැඩ වර්ජනය අත්හිටවූ බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ පැවසුවේ ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් පසුව එම තීරණය ගත් බවයි.
දුම්රිය නගා සිටුවීම සදහා වූ දුම්රිය වෘත්තීය සමිති සංධානයේ කැදවුම්කරු ඉන්දික දොඩන්ගොඩ වැඩිදුරටත් පැවසුවේ දුම්රිය ප්‍රවේශපත්‍ර පද්ධතියක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් අද උදෑසන 8 සිට වර්ජනයක් ආරම්භකළ බවයි.
727 Views
Comments