නියමිත දිනට ඡන්දය පවත්වන බව මැතිවරණ කොමිසම කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

නියමිත දිනට ඡන්දය පවත්වන බව මැතිවරණ කොමිසම කියයි

නියමිත දිනට ඡන්දය පවත්වන බව මැතිවරණ කොමිසම කියයි

මැතිවරණ කොමිසම පවසන්නේ, මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග සාකච්ඡාවක් මෙම සතිය තුළ පැවැත්වීමට අපේක්ෂා කරන බව යි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් එම සාකච්ඡාව පවත්වන බව එහි සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසුවේය.

 

මේ වන විට පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන් ඊට අදාළ කටයුතු සිදුකිරීම දුෂ්කර වී තිබේ. ඊයේ (15) සිදුකිරීමට නියමිතව තිබු ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම සහ ඒවා මුද්‍රණයට අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන් එම කටයුතු සිදු නොකෙරිණ.

 

මැතිවරණ කොමිසම පැවසුවේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය මේ මස 22, 23 සහ 24 යන දිනවල දී පැවැත්වෙන බවට ප්‍රකාශ කර ඇති අතර සැලසුම් කළ පරිදි එම දිනවලම ඡන්ද විමසීම සිදු කිරීමට අපේක්ෂා කරන බවය.

views

206 Views

Comments

arrow-up