ලිඳට වැටුණු සුරතලාව බේරාගැනීමට ගිය පුද්ගලයා එම ළිඳටම වැටී මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

ලිඳට වැටුණු සුරතලාව බේරාගැනීමට ගිය පුද්ගලයා එම ළිඳටම වැටී මරුට

ලිඳට වැටුණු සුරතලාව බේරාගැනීමට ගිය පුද්ගලයා එම ළිඳටම වැටී මරුට

දෙල්ගොඩ, මීගහවත්ත ළිඳකට වැටී සිටි සුනඛයෙක් බේරාගැනීමට ගිය පුද්ගලයෙකු එම ළිඳටම වැටී ජීවිතක්ෂයට පත්ව ඇත.

 

වයස අවුරුදු 44ක් වු දෙදරු පියෙක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර සුනඛයා ළිඳට වැටී ඇති බව දැනගත් විගස අදාළ පුද්ගලයා ඊයේ(18) සවස 6ට පමණ කඹයක ආධාරයෙන් ළිඳට බැස තිබේ. 

 

පසුව සුනඛයා රැගෙන  ගොඩට පැමිණෙමින් සිටිය දී කඹය කැඩීයාමෙන් සුනඛයාද සමඟ එම පුද්ගලයා අඩි 30ක පමණ ගැඹුරක් සහිත ළිඳට වැටී ඇත.

 

ඥාතීන් සහ ප්‍රදේශවාසීන් විසින් ළිඳ ඉස එම පුද්ගලයාව ගොඩ ගෙන රෝහල්ගත කර ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව පොලීසිය සඳහන් කරයි.

 

ළිඳ ඉසීමට යොදාගත් මෝටරයේ එල්ලී සුනඛයා දිවි බේරාගෙන ගොඩට පැමිණ තිබේ.

views

901 Views

Comments

arrow-up