රත්තරන් මිල තවත් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

රත්තරන් මිල තවත් ඉහළට

රත්තරන් මිල තවත් ඉහළට

ලෝක රත්තරන් වෙළෙඳපොළේ රත්තරන් අවුන්සයක් ඩොලර් 30 කට ආසන්න මුදලකින් ඉහළ යෑම නිසා රත්තරන් අවුන්සයක් ඩොලර් 1859 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

 

ලෝක රත්තරන් වෙළෙඳපොලේ මීට සති දෙකකට පමණ පෙර රත්තරන් අවුන්සයක මිල ඩොලර් 1830 ක්ව පැවතුණ ද ඩොලර් 30 කට ආසන්න මුදලකින් මිල ඉහළ ගොස් තිබේ.

 

 

හෙට්ටිවීදිය ප්‍රමුඛ ශ්‍රී ලංකා රත්තරන් වෙළෙපොළේ කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 115,500 කට සහ කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 124,500 ක පැවතුණ ද හෙට ආරම්භ වන නව සතියේ පවුමක් රුපියල් 4000 කට ආසන්න මුදලකින් ඉහළ යනු ඇති බවට විශ්වාස කරයි.

views

778 Views

Comments

arrow-up