සෙල්ලකතරගම පස් ජාවාරමක් වටලයි - දිනකට පස් කියුබ් 40ක් කපලා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

සෙල්ලකතරගම පස් ජාවාරමක් වටලයි - දිනකට පස් කියුබ් 40ක් කපලා

සෙල්ලකතරගම පස් ජාවාරමක් වටලයි - දිනකට පස් කියුබ් 40ක් කපලා

සෙල්ලකතරගම ප‍්‍රදේශයේ මහා පරිමාණයෙන් නීති විරෝධී අන්දමින් සිදුකළ පස් කැපීමේ ජාවාරමක් වටලා පුද්ගලයන් සිව්දෙනකු, ලොරි රථ 2 ක් සහ බැකෝ යන්ත‍්‍රයක් අත්අඩංගුවට ගත්බව වලාන මධ්‍යම දුෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය පවසයි.

 

සෙල්ල කතරගම, වල්ලිමාලේ, අඹවත්ත යන ප‍්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ඉඩමේ හිමිකරු සහ 26, 40 සහ 42 හැවිරිදි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිසිය කීය.

 

බුද්ධි තොරතුරක් මත ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සිරිවර්ධන ඇතුළු පොලිස් කණ්ඩායම ජාවාරම සිදු කරන ප‍්‍රදේශය වටලන අවස්ථාවේ සැකකරුවන් බැකෝ යන්ත‍්‍රයෙන් ලොරිවලට පස් පටවමින් සිට ඇතැයි වැටලීමට එක්වූ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.

 

දිනකට පස් කියුබ් 40 ට ආසන්න ප‍්‍රමාණයක් කැපීම සිදුකරන බවට හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.

 

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නඩු භාණ්ඩ සමඟින් කතරගම පොලිසියට භාරදී තිබේ.

views

776 Views

Comments

arrow-up