ඉන්ධන පෝලිම් අවසන් වන දිනය ගැන දැනුම්දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

ඉන්ධන පෝලිම් අවසන් වන දිනය ගැන දැනුම්දීමක්

ඉන්ධන පෝලිම් අවසන් වන දිනය ගැන දැනුම්දීමක්

තවත් දින දෙකකින් හෝ තුනකින් ඉන්ධන පෝළිම් අවසන් වනු ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි. 

 

රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවට බලධාරීන් ප්‍රකාශ කළත් ඊයේ(22) රාත්‍රියේත් ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පෝළිම් දක්නට ලැබුණි. 

 

ඒ පිලිබඳ කළ විමසීමකදී ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේ තවත් මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග මේවන විට ඇණවුම් කර ඇති බවයි. 

 

මේ වන විටත් පෙට්‍රල් සහ ඩීසල් නෞකා 03ක් මෙරට මුහුදු සීමාවේ ඇති බවත් නෞකා දෙකකින් පෙට්‍රල් සහ ඩීසල් ගොඩබාමින් ඇති බවත් ඔහු කියා සිටියේය.


ඒ අනුව ඉදිරි දිනවලදී ප්‍රමාණවත් ඉන්ධන තොග පිරවුම්හල්වලට බෙදා හැරීමට නියමිතව ඇත.

 

පෙර දිනවලට සාපේක්ෂව ඉන්ධන පෝළිම් අඩුවී ඇති බව සිදුකළ නිරීක්ෂණයකදී තහවුරු වූ බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ වැඩිදුරටත් පැවසීය.

 

අද දිනයේ වැඩි අවධානයක් ලබාදී ඇත්තේ වැඩි වශයෙන් ඩීසල් බෙදාදීමට බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

views

692 Views

Comments

arrow-up