බන්දුලත් පඩි එපා කියයි - මුළු පඩියම කොවිඩ් අරමුදලට

රට පත්ව තිබෙන තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් අවවාද දෙනවාට වඩා හොද ආදර්ශයක් දෙන බව පෙනී යනවා.
ඒ අනුව රටේ ආර්ථිකය පවත්වා ගෙන යාම අභියෝගයක්ව තිබෙන අවස්ථාවක වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිය සම්පූර්ණ වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාද සිය දීමනාවෙන් හරි අඩක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබුණා.
මේ අතර තමා ද ඇතුළුව පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් සිය වැටුපෙන් 75%ක් මේ මොහොතේ රට වෙනුවෙන් පරිත්‍යාග කළ යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද යෝජනා කර තිබෙනවා.
1070 Views
Comments