රහස් පොලිස් වෙසින් පැමිණ යාපනේ නිවසකින් රන් පවුම් 38 ක් මංකොල්ල කාලා

යාපනයේ කෝපායි උදයන්කාඩු ගම්මානයේ නිවසකට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු රහස් පොලිසියේ නිලධාරීන් යැයි කියමින් වයෝවෘද්ධ අඹු සැමියන් දෙදෙනකු රවටා පවුම් 38 ක ස්වර්ණාභරණ පැහැරගෙන ගොස් ඇති බවට සිද්ධියක් වාර්තා වේ.
ඊයේ (28) කෝපායි පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ, සැකකරුවන් දෙදෙනා විසින් අදාල නිවසේ දොරට තට්ටු කොට ඔවුන්ගේ පුතාව රහස් පොලිසියෙන් රැගෙන ගොස් ඇති බැවින් කටඋත්තරයක් ලබා ගැනීමට අවශ්‍ය බව කියමින් නිවසට ඇතුළු වී මෙම ස්වර්ණාභරණ කොල්ලකෑම සිදු කොට තිබෙන බවයි.
කොල්ල කරුවන් නිවසට පැමිණෙන විට නිවසේ සිට ඇත්තේ වයෝවෘද්ධ යුවල පමණක් බව වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කෝපායි පොලිසිය විසින් සිදු කරනු ලබයි.
174 Views
Comments