හරින්ගේ සෞඛ්‍ය යහපත් අතට

සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා හෘද රෝගයක් හේතුවෙන් රෝහල් ගත කර තිබුනේ පසුගිය 28 වැනිදාය.
හරීන් ප්‍රනාන්දු මහතා මීට මාස කිහිපයකට පෙර හදවත් සැත්කමකට භාජනය කළ අතර පෙර ශල්‍යකර්මයෙන් ඔහුට සංකූලතා ඇති වී ඇති බවටයි වාර්තා වන්නේ.
පසුගිය සිකුරාදා හරීන් ප්‍රනාන්දු මහතාට තවත් ශල්‍යකර්මයක් සිදු කෙරූ අතර මේ වන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
තවද තමා හට සුවය පැතූ සියලු දෙනාට සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ ස්තුති කිරීමටද හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කොට තිබේ.
773 Views
Comments