ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස ගෙනා කහ කිලෝ 251ක් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
24

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස ගෙනා කහ කිලෝ 251ක් අල්ලයි

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස ගෙනා කහ කිලෝ 251ක් අල්ලයි

ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මඟින් නිතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කහ තොගයක් ඉලු‍ප්පුකඩවායි පොලිස් වසමේ අන්තෝනිපුරම් කැලෑබද ප්‍රදේශයේ තිබී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද(24) අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම කහ තොගය ඉලු‍ප්පුකඩවායි අන්තෝනිපුරම් කැලෑබද ප්‍රදේශයේ සූක්ෂම ලෙස සගවා තිබූ අතර කිලෝග්‍රෑම් 251ක් වූ තොගය වැඩිදුර පරීක්ෂණ සදහා ඉලු‍ප්පුකඩවායි පොලීසියට භාරදී තිබේ.

 

මේ වර්ෂය තුළ පමණක් සිදුකළ වැටලීම්වලදී රුපියල් දෙකෝටි හැට ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් වියළි කහ කිලෝග්‍රෑම් 5228ක් සමඟ සැකකරුවන් 11 දෙනෙක අත්අටඩංගුවට ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

views

403 Views

Comments

arrow-up