වසන්තගේ ගාමන්ට් වහන්න කියූ කතාවට ටියුලිගෙන් සැර පිළිතුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

වසන්තගේ ගාමන්ට් වහන්න කියූ කතාවට ටියුලිගෙන් සැර පිළිතුරක්

වසන්තගේ ගාමන්ට් වහන්න කියූ කතාවට ටියුලිගෙන් සැර පිළිතුරක්

ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිසක් පසුගිය 20දා මාධ්‍ය හමුවක් පවත්වමින් රට වසා ඇති කාලය තුළ ඇඟලුම් කර්මාන්ත ශාලා ඇතුළු  සියලුම කර්මාන්ත වසා තැබිය යුතු බවට රජයට බල කරනු ලැබුවා.

 

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහලේකම් ටියුලි කුරේ මහතා පැවසූයේ මෙරට ඇඟලුම් කර්මාන්තය බිඳ වැට්ටවීමට ඉඩ ලබාදිය නොහැකි බවයි.

 

“කතාකරලා කියන්න පුළුන් වහන්න, කරන්න එපා කියන්න පුළුවන් හැබැයි ඒ වහලා ඉන්න අයට වහලා ඉන්න කාලසීමාව තුළ විතරක් නෙමෙයි මේ ව්‍යාපාරය වැටිලා විනාශ වෙලා ගියාට පස්සේ බලාගන්න කවුද ඉන්නේ? කවුරුත් නැහැ. ව්‍යවසායකයෝ හැටියට අපි අවදානම් අරගෙන තමයි මේ ව්‍යාපාර කරන්නේ. මෙතැනදිත් අවදානම් තියෙනවා නැත්තේ නැහැ. නමුත් ඒ අවදානමට අවශ්‍ය ආරක්ෂාව සපයලා තියෙනවා. හැබැයි අවදානමට වඩා රට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ඉතාම වැදගත්. ඉතාම ඉහළයි. එහෙම නොකොළොත් ඊට පස්සේ වෙන විනාශය ගැන අපිට කාටවත් උත්තර දෙන්න බැරිවෙනවා. රට අසමත් කරවන්න අපි කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ. “

 

 

views

1272 Views

Comments

arrow-up