මෙරට ගුවන් ගමන් පාලකවරුන් 17ක් රට හැර යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

මෙරට ගුවන් ගමන් පාලකවරුන් 17ක් රට හැර යයි

මෙරට ගුවන් ගමන් පාලකවරුන් 17ක් රට හැර යයි

 

පවතින අර්බුදකාරී වාතාවරණය මත ගුවන් ගමන් පාලකවරුන් අසූ දෙදෙනාගෙන් දාහත් දෙනෙක් පසුගිය මාස හයක පමණ කාලයේ දී රට හැර ගොස් තිබේ.

 

වසර දහයකට අධික සේවා කාලයක් සහිත නිලධාරීන් පස් දෙනෙක් ද ඒ අතර වෙති. ගුවන් ගමන් පාලකවරුන්ගේ සේවක සංඛ්‍යාව එකසිය හතළිස් අටක් වුවත් මේ වන විට සිටින්නේ හැට පස් දෙනෙක් පමණි.

 

මේ අතර රට හැර යන ගුවන් ගමන් පාලකවරුන් රඳවා ගැනීමට කිසිදු උත්සාහයක් නොදරා රටේ සමස්ත ගුවන් සේවයේම අනාගතය අනතුරේ හෙළන සුළු තීන්දු ගැනීමට ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා කටයුතු කරමින් සිටීම ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය දැඩි විරෝධයට හේතු වී තිබේ.

views

20 Views

Comments

arrow-up