තරුණයින්ට ෆයිසර් දීමට වෛද්‍යවරුන්ගේ විරෝධය

වයස අවුරුදු 20ත් 30ත් අතර පුද්ගලයින් සඳහා ෆයිසර් ලබාදීම විද්‍යාත්මක දත්ත අභිබවා යාමක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
හම්බන්තොට ප්‍රදේශයේ වයස අවුරුදු 20ත් 30ත් අතර පුද්ගලයන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගත් තීරණය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමිනුයි ඔවුන් මෙය මේ බව සඳහන් කළේ.
සයිනොෆාම් එන්නතින් පවා ඉතා හොඳ ප්‍රතිශක්තියක් ඇති වන තරුණ පරම්පරාවට මෙම එන්නත ලබා දෙනවාට වඩා ප්‍රතිශක්තිකරණය අඩු සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින්ට එහි තුන්වන මාත්‍රාවක් ලෙස මෙම ෆයිසර් එන්නත ලබා දිය යුතු බවයි විශේෂඥ වෛද්යවරුන් ඉල්ලා සිටින්නේ.
1661 Views
Comments