“පාස්කු ප්‍රහාරය ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ට අවශ්‍යව තිබුණා” - කාදිනල් හිමියෝ ජර්මනියේදී කියති

පාස්කු ප්‍රහාරය කි‍්‍රයාත්මක කිරීම සඳහා බලධාරීන්ට අවශ්‍ය වූ බව මැල්කම් රංජිත් කාදිනල්තුමන් ජර්මනියේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතා පවසා තිබේ.
මේ බව වතිකානු ප්‍රවෘත්ති සේවාව මුල්වරට හෙළිකර ඇත.
මෙම ප්‍රහාරය එල්ලකළේ නොමඟ ගිය තරුණයින් පිරිසක් යන මතය තමාට ප්‍රශ්නයක් බවද කාදිනල්තුමා සඳහන් කර ඇත. ජර්මනියේ ඒඩ් ටු නීඩ් සංවිධානය මෙම මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබුණි.
ප්‍රැන්සිස් පාප් වහන්සේ සමඟ පැවැති සාකච්ඡාවේ තොරතුරු හෙළිකළ මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසුවේ යුක්තිය ඉටු කරලීමේ කි‍්‍රයාදාමය ඉදිරියට ගෙන යන ලෙස පාප්තුමා තමාට පැවසූ බවත් එම කි‍්‍රයාදාමය අභියෝගයක් බව පැවසූ බවත්ය.
706 Views
Comments