FEB
14
බෝට්ටු මුහුදේ පා කර සිදුකළ ධීවර විරෝධතාව

මාරවිල උතුරු මුදුකටුව ධිවරයින් පිරිසක් තොටුපලක් ඉල්ලමින් තම ධිවර යාත්‍රා මුහුදේ පා කර විරෝධතාවක නිරත වූහ.
ඔවුන්ගේ ධීවර බෝට්ටු මුහුදේ පාකර විරෝධතාවේ නිතරවූ මෙම පිරිස උතුරු මුදුකටුව ශාන්ත අන්තෝනී දේවස්ථානයේ උදෑසන දේවමෙහෙය පැවැත්විමට පෙර තම ඥාතින් සමඟ දේවස්ථානය ඉදිරිපිට නිහඩ විරෝධතාවයකද නිරතවිය.
පැවති සෑම රජයකින්ම තම උතුරු මුදු කටුවට ධිවර තොටුපලක් ඉල්ලා සිටියද එය මේවන විටත් ලබාදීමට කිසිවෙක් කටයුතු කර නැතැයි ධීවරයෝ චෝදනා කරති.
685 Views
Comments