වැලිගම නිවසක් ගිනි ගනී - සිඟිති දියණිය නිදි යහනේම මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

වැලිගම නිවසක් ගිනි ගනී - සිඟිති දියණිය නිදි යහනේම මිය යයි

වැලිගම නිවසක් ගිනි ගනී - සිඟිති දියණිය නිදි යහනේම මිය යයි

වැලිගම වල්ලිවල ප්‍රදේශයේ පෙරේදා රාත්‍රියේ ඇති වූ ගින්නකින් නිවස තුළ නිදාගෙන සිටි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වැලිගම ධර්මරාජ විද්‍යාලයේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සෙනුදි දෙව්දිනී නම් ශිෂ්‍යාවයි.

 

සිද්ධිය වන අවස්ථාවේ දැරිය ගේ පියා කොග්ගල ඇඟලුම් කම්හලේ සේවය කර අවසන් සිය බිරිඳව කැඳවාගෙන ඒමට බස් නැවතුම්පොළ වෙත ගොස් සිට ඇති අතර එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ දැරියගේ මිත්තණිය සහ 13 හැවිරිදි සහෝදරිය පමණි.

 

ඔවුන් දෙදෙනා නිවසින් එළියට පැන දිවි ගලවා ගෙන ඇති අතර නිදාගෙන සිටි අසරණ සෙනුදි ගින්නට හසු වී තිබෙනවා.

 

ප්‍රදේශවාසීන් සහ මාතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව නිවසේ ගින්න පාලනය කර ඇති අතර ඒ වනවිටත් සිඟිති දියණිය පිළිස්සී ඇගේ සිරුර අඟුරු බවට පත්ව තිබුණා.

 

විදුලි කාන්දුවක් මෙම ගින්නට ගින්නට හේතුවන්නට ඇතැයි සැක කෙරෙනවා.

 

මාතර පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

views

4775 Views

Comments

arrow-up