අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් කුකුළු මස් හා බිත්තර නැතිවන ලකුණු

සත්ත්ව නිෂ්පාදන අමුද්‍රව්‍යවල ඇති හිඟය බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යාමට බලපා ඇතැයි සමස්ථ ලංකා කුකුල් ව්‍යාපාරිකයේනගේ සංගමය පවසයි.
එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ එම කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟය තවදුරටත් පැවතිය හොත් වෙලඳපල ඉල්ලුමට සරිලන පරිදි බිත්තර සහ කුකුළු මස් සැපයිමට නොහැකිවනු ඇති බවයි.
පවතින ගැටළු හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපල හිමියන් එම කර්මාන්තයෙන් ඉවත්වීමේ ප්‍රවණතාවක්ද නිර්මාණය වී ඇතැයි මෙහිදී සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
721 Views
Comments