රටට අවශ්‍ය අරක්කු ඇති තරම් තියෙනවා - එතනෝල් හිඟය බොරුවක්

ඉන්ධන හිඟය හා විදුලිය කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම හේතුවෙන් ප්‍රමාණවත් පරිදි එතනෝල් නොලැබීම මත ලබන 22 වන දින සිට මත්පැන් නිෂ්පාදනය නතර කරන බවට සමාජ මාධ්‍යයන්හි පළවන වාර්තා සාවද්‍ය බවට සුරාබදු මාධ්‍ය ප්‍රකාශක,සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) කපිල කුමාරසිංහ පවසනවා.
අරක්කු ඇතුළු දේශීය මත්පැන් නිපදවන සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් නිෂ්පාදනාගාර 23ක් දිවයින තුල ක්‍රියාත්මක වන අතර, ඒවාට අවශ්‍ය එතනෝල් ඇතුළු අමුද්‍රව්‍ය දේශීය වෙළෙඳපොළ තුළින් ලබා ගැනීමේ හැකියාව මේ දක්වා පවතින බවද හෙතෙම කියාසිටිනවා..
මෙම සාවද්‍ය වාර්තා හා ප්‍රවෘත්ති හේතු කොට ගෙන නීති විරෝධී ලෙස මත්පැන් රැස්කිරීමටත්, මත්පැන් නිෂ්පාදනාගාරකරුවන් අතර සදාචාර සම්පන්න නොවන අලෙවිකරණ උපාය මාර්ගයන් අනුගමනය කිරීමටත් අවස්ථා සැළසෙනවා.
659 Views
Comments