ණයක් අනුමත නො කළැ යි ගීතාට මරණ තර්ජනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

ණයක් අනුමත නො කළැ යි ගීතාට මරණ තර්ජනයක්

ණයක් අනුමත නො කළැ යි ගීතාට මරණ තර්ජනයක්

අඩු ආදායම්ලාභීන්ට රජය විසින් ලබාදෙන ණය මුදලකට අනුමැතිය ලබා නොදීමේ සිද්ධියක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහට බැණ මරණ තර්ජනය කළ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

පෙරේ දා මන්ත්‍රීවරියගේ ඇල්පිටිය - හඹුරුගල ප්‍රදේශයේ පිහිටි නිවස වෙත පැමිණි සැකකරු, තමන්, අඩු ආදායම්ලාභියෙකු බැවින් රජයෙන් ණයක් ලබාගැනීම සඳහා අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා.

 

කෙසේ වෙතත් එම පුද්ගලයා ඊට සුදුසුකම් නොලබන බැවින් මන්ත්‍රීවරිය ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අදාළ තර්ජනය සිදුකර ඇත්තේ.

 

අනතුරුව මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ ඌරගස්මංහන්දිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගැනුණා.

 

60 හැවිරිදි මෙම සැකකරු ඇල්පිටිය - තොටකනත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ අද දිනය දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යි.

views

624 Views

Comments

arrow-up