පොලිසිය සොයන හම්බන්තොට එරාජ්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
16

පොලිසිය සොයන හම්බන්තොට එරාජ්

පොලිසිය සොයන හම්බන්තොට එරාජ්

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් මෙහෙයුමක් දියත් කොට ඇත.

 

ඒ පසුගියදා බම්බලපිටිය - කොතලාවල ඇවනි ප්‍ර⁣දේශයේ පෞද්ගලික ඉඩමකට කඩාවැදී එහි ආරක්ෂක කටයුතු වල නියුතු දෙදෙනෙක්ට පහර දීමක් සම්බන්ධවය.

 

නගරාධිපතිවරයා සිය මෝටර් රථයෙන් තනිව මෙම ස්ථානයට ඇතුළු වී ඉකුත් 17 වැනි දින රාත්‍රියේ මෙම පහරදීම සිදු කොට ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ පුද්ගලයින් දෙදෙනා පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර මේ වන විට එක් අයෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

views

918 Views

Comments

arrow-up