ඇමති පුටුවක් සමඟින් බැසිල් අද පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන බවයි වාර්තා වන්නේ.
බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟයි.
956 Views
Comments