ජංගම වෙළදාම පූර්ණ එන්නත්කරණයට ලක්වූ වෙළදුන්ට පමණයි

පූර්ණ කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක්වූ ජංගම වෙළෙඳුන්ට පමණක් කොළඹ දිස්ත්‍රික්කයේ නිවෙස් වලට ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා අවස්ථාව පවතින බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අද(22) පැවසුවේය.
මෙවර පසුගිය අවස්ථාවන්ට වඩා දැඩි සුපරීක්ෂණයක් යටතේ එම කටයුතු අධීක්ෂණය කරන බවත්, පාරිභෝගික කටයුතු අධිකාරියත් සමඟ අවශ්‍ය අවස්ථාවලදී වැටලීම් සිදුකරන බවත් ඔහු පැවසුවේය.
එසේම ජංගම වෙළෙඳුන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී සිදුවන අපහසුතාවයන් පිළිබඳව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට, ග්‍රාම නිලධාරීට හෝ පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම්දීමේ හැකියාව පවතින බවද කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා පවසා සිටියේය.
839 Views
Comments