AUG
22
ත්‍රීරෝද රථ අනතුරකින් පිරිමි ළමුන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

හම්බෙගමුව - මයිලවල ප්‍රදේශයේ සිදුවූ ත්‍රීරෝද රථ අනතුරකින් පිරිමි ළමුන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
අවුරුදු 16 සහ 17 වයස්වල පසුවන ළමුන් දෙදෙනෙකු එලෙස මියගොස් ඇත.
ඔවුන් දෙදෙනා කොටවෙහෙරමංකඩ සහ හම්බෙගමුව ප්‍රදේශවල පදිංචිකරුවන්වේ.
වේලිඔය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් ඊයේ (21) සවස මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් ත්‍රීරෝද රථය පැදවූ රියදුරාද බරපතළ තුවාල ලබා තිබේ.
887 Views
Comments