වල් අලියා ගොවියාගෙන් පලිගනී - පාගා මරා දමා නිවස හා කුඹුරත් විනාශ කරලා

වල් අලියක් විසින් මහවිලච්චියේ ගොවියෙකු මරාදමා පසුව ඔහුගේ නිවෙස සොයාගෙන ගොස් ඊට ද හානි කර පසුව ඔහුගේ කුඹුරද පාගා දමා විනාශ කළ පුවතක් අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයෙන් වාර්තාවෙයි.
මෙසේ මරා දමා තිබෙන්නේ විලච්චිය, ගුළුපත්වැව පදිංචිව සිටි චතුර සුදර්ශන අතපත්තු නැමැති 30 හැවිරිදි දෙදරු පියෙකි.
තම ගොවි සගයන් දෙදෙනෙකු සමඟ කුඹුරට යමින් සිටියදී එක් වරම පැමිණි වල් අලියා ගොවියාට පහරදී මරා දමා ඇති අතර ඔහු සමඟ ගිය එක් අයෙකු අසල තිබූ බුරුත ගසකට නැග ජීවිතය බේරා ගෙන තිබේ.
අනෙක් පුද්ගලයා වගා ළිඳකට වැටීම හේතුවෙන් බේරී ඇති බවත් ගම්වැසියෝ පවසති.
ගොවි මහතාට පහර දුන් වල් අලියා පහරදුන් තැනට කිලෝමීටර භාගයක් පමණ දුරින් පිහිටි ඔහුගේ කුඹුරට ගොස් එයද විනාශ කොට නිවස දෙසටද ගොස් නිවසේ ඉදිරි දොර පිටුපස දොරටද පහර දීලා කඩා දමා ඇතැයි ගැමියෝ පවසති.
මේ අතර අරලගංවිල දිඹුලාගල පහළඇල්ලේවැවදී ද වල් අලි ප්‍රහාරයකින් 60 හැවිරිදි දෙදකරු පියකු මියගොස් ඇත.
774 Views
Comments