දඩ කොලය දුන් පොලිස් නිලධාරියා යැයි සිතා වෙනත් නිලධාරියෙකුට පොරොවෙන් කොටා සැකකරු වස බොයි

අම්බලන්තොට නගරයේ රථවාහන වරදකට දඩ පත්‍රිකාවක් දුන්නැයි උරණ වූ පුද්ගලයෙකු රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට පසුගිය 05 වැනිදා පොරොවකින් පහරදී තුවාල සිදුකර ඇතැයි අම්බලන්තොට පොලිසිය කියයි.
මෙලෙස තුවාල සිදුව රෝහල් ගතකර තිබෙන්නේ අම්බලන්තොට පොලිසියට අනුයුක්තව රථවාහන රාජකාරියේ යෙදී සිටි වීරකැටියේ පදිංචි දීපාල් නැමැති පොලිස් කොස්තාපල්වරයෙකි.
පහරකෑමට ලක්වූ අදාළ පොලිස් නිලධාරියා ඉකුත් 05 වැනිදා පෙරවරු 10ට පමණ අම්බලන්තොට නගරයේ ඔරලෝසු කණුව අසල රථවාහන රාජකාරියේ යෙදී සිටියදී එම ස්ථානයට පැමිණ ඇති අම්බලන්තොට බැරගම පදිංචි වසය අවුරුදු 54ක පමණ පුද්ගලයෙකු විසින් මෙම පොරෝ පහර එල්ල කර ඇත.
පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.
පොලිස් නිලධාරියාට පහරදීම සිදුකළ පුද්ගලයා ද අධික ලෙස බීමත්ව වස පානය කර සිටියදී අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හම්බන්තොට මහෙස්ත්‍රාත්වරයා නියම කර ඇත.
චූදිත පුද්ගලයා මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
අම්බලන්තොට පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු විසින් මීට සති කිහිපයකට පෙර සැකකාර පුද්ගලයාට රථවාහන වරදක් සම්බන්ධයෙන් දඩ පත්‍රිකාවක් නිකුත් කිරීම පිළිබඳව උරණ වී ඇති අතර 04 වැනිදා පෙරවරුවේ අධික ලෙස බීමත්ව පැමිණ මෙම පහරදීම සිදුකර තිබේ.
තමන්ට දඩ පත්‍රිකාව නිකුත් කළ පොලිස් නිලධාරියා යැයි සිතා අදාළ පුද්ගලයා පහරදීම සිදුකර ඇත්තේ වෙනත් නිලධාරියෙකුට බවද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
793 Views
Comments