ශ්‍රී ලංකාවට සහනයක් ලබා දීම කෙරෙහි අවධානය යොමු වන බවට ආරංචියක්

අද (22) ගෝලීය ආර්ථිකය තුළ වැදගත් භූමිකාවක් නිරූපණය කරන G20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුව ආරම්භ වෙයි. G20 කණ්ඩායමේ සභාපතීත්වය වර්තමානයේ ඉන්දියාවට හිමි වී ඇත. එහි සමුළුව එළඹෙන 25 වනදා දක්වා බැංගලෝර්හි දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙම සමුළුවේදී ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට ලක්වු රටවලට සහනයක් ලබාදීම පිළිබඳ සලකා බැලීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළ පරිදි මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට බාධාවක් වී පවතින කරුණු පිළිබඳ මෙම රැස්වීමේදී සලකා බැලෙන අතර චීනය ඇතුළු මෙරට ණය හිමි රටවල් ද රැස්වීමට එක්වෙනු ඇත.
සමුළුවට සමගාමීව ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඉන්දියාව, සෞදි අරාබිය, චීනය මෙන්ම එක්සත් ජනපදය ප්‍රමුඛ G7 කණ්ඩාමේ රටවල මාර්ගගත රැස්වීමක් ද පැවැත්වෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ණය අර්බුදයට ලක්වූ රටවල ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වන පොදු ප්‍රමිති පිළිබඳ එකඟතාවයකට එළඹීමට එහිදී අදහස් කරන බව යි.
193 Views
Comments