රට මත්පැන් හා සිගරට් තොගයක් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

රට මත්පැන් හා සිගරට් තොගයක් අල්ලයි

රට මත්පැන් හා සිගරට් තොගයක් අල්ලයි

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් රත්මලාන පන්සල පාරේ, පළවෙනි පටුමග ප්‍රදේශයේ කළ වැටලීමකදී නීතිවිරෝධී ලෙස තීරු බදු නොගෙවා ගෙන්වන ලද විදේශීය මත්පැන් හා සිගරට් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

 

 


සැකකරු සතුව තිබී රුපියල් ලක්ෂ 30ක් වටිනා නීතිවිරෝධී සිගරට් කාටුන් 150ක් සහ විදේශීය මත්පැන් බෝතල් 105ක්ද, නවීන පන්නයේ මෝටර් රථයක් හා වයිට් සෆායර් වර්ගයේ මැණිකක්ද අත්අඩංගුවට ගෙන ඇත.

 

 


49 හැවිරිදි සින්දා මදර් මොහොමඩ් පස්ලි නමැති සැකකරු වැඩ්දුර පරීක්ෂණ සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

views

798 Views

Comments

arrow-up