පාර්ලිමේන්තු මන්ත්‍රීගේ සුපිරි පාටියේ මත්පෙති තොගයක් සහ හත් දෙනෙක් අත්අඩංගුවට

අනුරාධපුර සුපිරි හෝටලයක පැවති ඩීජේ සාදයකට එක්ව සිටි හත් දෙනෙකු තහනම් මත්ද්‍රව්‍ය සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සාදය සඳහා අනුරාධපුරය දිස්ත්‍රික්කයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුලූ දෙසීයක් සහභාගි වී තිබේ.
පොලිසිය පවසන්නේ ඇතුළුවීම සදහා රුපියල් 3500ක් වූ මෙම සාදය සංවිධානය කර තිබුණේ අන්තර්ජාලය මඟින් බවයි.
රුපියල් හාර දහසකට මිල නියම කර තිබූ දිව යට තබා ගන්නා මත් මුද්දර රුපියල් 4500ක් වන මත් පෙති සහ කේරල ගංජා අත්අඩංගුවට ගත් පිරිස සතුව තිබූ බව පොලිසිය කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊට සහභාගී වී තිබුණේ සාදයේ ආරාධිතයෙකු ලෙස බවද මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
726 Views
Comments