ගැබිණි බිරියගේ හා දරු දෙදෙනාගේ කුස ගින්න නිවීමට කොස් ගෙඩියක් කඩන්න ගිය දෙදරු පියාව පිහියෙන් ඇන මරා දමලා

තම ගැබිනි බිරිඳගේ සහ දරු දෙදෙනාගේ කුසගිනි නිවීමට කොස්ගෙඩියක් කැඩීමට අල්ලපු වත්තට ගිය දෙදරු පියෙකුට ඉඩම් හිමිකරු විසින් පිහියෙන් ඇන ඝාතනය කර තිබේ.
මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ ඇල්පිටිය, පිටුවල පදිංචි ශෙහාන් ලසන්ත නමැති 34 හැවිරිදි දෙදරු පියෙකි.
මියගිය පුද්ගලයා තම බිරිඳ සමඟ ඊයේ(23) කොස් ගෙඩියක් කැඩීම සඳහා පදිංචි නිවසට යාබද ඉඩමට ගොස් කොස් ගෙඩියක් කඩන අතරතුර එම ස්ථානයට පැමිණි අදාළ සැකකරු ඔවුන් සමඟ බහින්බස්වී මෙසේ පිහියෙන් ඇන පලාගොස් ඇත.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ මොහු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
සිද්ධියෙන් පසු පලාගිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
948 Views
Comments