බිල් නොගෙවීම හේතුවෙන් වවුනියාවේ පානීය ජල ව්‍යාපෘති 24 ක විදුලිය විසන්ධි කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

බිල් නොගෙවීම හේතුවෙන් වවුනියාවේ පානීය ජල ව්‍යාපෘති 24 ක විදුලිය විසන්ධි කරයි

 බිල් නොගෙවීම හේතුවෙන් වවුනියාවේ පානීය ජල ව්‍යාපෘති 24 ක විදුලිය විසන්ධි කරයි

මාස 7 ක කාලයක් පුරාවට විදුලි බිල්පත් ගෙවා නොමැති වීම හේතුවෙන් වවුනියාවේ පානීය ජල ව්‍යාපෘති 24 ක විදුලිය විසන්ධි කර ඇත. වව්නියාවේ ගම්මානවල වැසියෝ ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැමිණිලි කර ඇත්තේ ජල මධ්‍යස්ථානවලින් පානීය ජලය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

 

මෙම ජල මධ්‍යස්ථාන ස්ථාපිත කොට ඇත්තේ, වවුනියාව ප්‍රදේශයේ පවතින උග්‍ර වකුගඩු රෝගය හේතුවෙන් ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීමේ අරමුණින් වන අතර ඒවායෙහි විදුලි පත් ගෙවනු ලබන්නේ වකුගඩු රෝග නිවාරණ කටයුතු සම්බන්ධයෙන් වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විසිනි.

 

ජල මධ්‍යස්ථාන වල පාලකවරුන් සඳහන් කරන්නේ, ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් අදාළ පළාත් වල ප්‍රාදේශීය ලේකම්වරුන්ට මුදල් ප්‍රතිපාදන ලබා දීමෙන් පසුව එම නිලධාරීන් විසින් විදුලිබල මණ්ඩලයට අයවිය යුතු මුදල පියවන අතර මාස හතකින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට මුදල් නොලැබීම නිසා විදුලි බිල්පත්වල හිඟයක් පවතින බවයි.

 

සමහර ජල මධ්‍යස්ථාන වල රුපියල් ලක්ෂයකට අධික හිඟ විදුලි බිල්පත් ඇති අතර එම ජල මධ්‍යස්ථානවලින් ජලය බෙදා හැරීම සිදුවන්නේ බොහොමයක් පාසල් ළමුන්ට පිරිසිදු පානීය ජලය බෙදාහැරීමේ අරමුණ ඇතිවයි.

views

184 Views

Comments

arrow-up