පැය 48ට කරාපිටියේ කොවිඩ් මරණ 19ක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
30

පැය 48ට කරාපිටියේ කොවිඩ් මරණ 19ක්

පැය 48ට කරාපිටියේ කොවිඩ් මරණ 19ක්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසා සිටියේ ගත වූ පැය 24ක කාලය තුළ  එම රෝහලෙන් කොවිඩ් ආසාදනය වූ මරණ 19ක් වාර්තා වී ඇති බවයි.

 

 


මියගිය පුද්ගලයන්ගෙන් 13 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර අනෙක් මරණ 6 නිවෙස් තුළදී සිදුව ඇති බව අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

 

 


නිවෙස් තුළ මියගිය පුද්ගලයන් 6 දෙනා මිය යාමෙන් පසුව කළ පීසීආර් පරීක්ෂණවලින් කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

views

865 Views

Comments

arrow-up