AUG
25
මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් අත්අඩංගුවට

පිටකොටුවේ සිට කල්මුනේ දක්වා ප්‍රවාහනය කරමින් තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සැකකරුවන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී පරිභෝජනයට නුසුදුසු සීනි සහිත ගෝනි 200ක් පමණ සොයාගෙන ඇත.
මෙම සීනි තොගය කල්මුනේ ප්‍රදේශයේ දී අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ බවයි වාර්තා වන්නේ.
971 Views
Comments