වික්ටෝරියා වේල්ල අවට ඇති හුණුගල් කැණීම් ස්ථාන ඉවත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
24

වික්ටෝරියා වේල්ල අවට ඇති හුණුගල් කැණීම් ස්ථාන ඉවත් කරයි

වික්ටෝරියා වේල්ල අවට ඇති හුණුගල් කැණීම් ස්ථාන ඉවත් කරයි

වික්ටෝරියාවේල්ල අවට මීටර් 100ක ප්‍රදේශය ඇතුලත පවත්වාගෙන ගිය හුණුගල් කැණීම් ස්ථාන වහාම ඉවත් කිරීමට පියවරගත් බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

 

ඒ අනුව වික්ටෝරියා ජලාශයේ වේල්ල ආසන්නයේ විශාල මට්ටමින් පවත්වාගෙන ගිය හුණුගල් කැණීම් ස්ථාන තුනක හා සුළු වශයෙන් කැණීම් කළ ස්ථානවල කැණීම් බලපත්‍ර තහනම් කළබව එම කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා කියා සිටියේය.

 

වික්ටෝරියා ජලාශය අවට ප්‍රදේශවල පසුගිය කාලයේ ඇතිවූ සුළු භූ චලනයන්ට හේතුව ඒ අවට ප්‍රදේශයේ පවත්වාගෙන යන හුණුගල් කැණීම් ස්ථාන බවට තහවුරුවීමත් සමඟ මෙම පියවර ගත් බව සභාපතිවරයා පැවසුවේය.

 

  පසුගිය කාලයේ ඒ අවටින් විටින් විට වාර්තා වුණු භූ චලනයන්ට හේතු සොයාබැලීම සඳහා පරිසර අමාත්‍යාංශය මඟින් පත්කළ විද්වත් කමිටුව වික්ටෝරියා ජලාශයේ ආරක්ෂාව සඳහා වහාම ගතයුතු පියවර දක්වා තිබූ බවත් ඒ අනුව මෙම පියවර ගත් බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

 

වික්ටෝරියා ජලාශය අවට සුළු භූ කම්පන තත්වයන්ට හේතුව එම ප්‍රදේශයේ පොළව අභ්‍යන්තරයේ සිදුවන හුණුගල් තට්ටු බිඳ වැටීම් බවත්, හුණුගල් කැණීම් ස්ථානවල සිදුවන පිපිරවීම් නිසා ඇතිවන කම්පනද අභ්‍යන්තර හුණුගල් තට්ටු බිඳ වැටීම්වලට හේතුව බවත් එහි සඳහන්ව තිබූ බවත් අනුර වල්පොළ මහතා පැවසීය.

views

458 Views

Comments

arrow-up