බිරිඳ සහ දරුවා ඝාතනය කළ පියා දිවි නසා ගනී - නිවස තුළ තිබූ මළ සිරුරු 3 සොයා ගැනේ

අද උදෑසන ගල්ගමුව පොලිස් වසමට අයත් මහනාන්නේරිය ප්‍රදේශයේ තිබූ නිවසක් පොලිසිය විසින් පරික්ෂා කිරීමේදී මළ සිරුරු තුනක් සොයාගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ වයස අවුරුදු 28 ක් පමණ වන අඹු සැමි යුවලක් සහ ඔවුන්ගේ වයස අවුරුදු දහයක් පමණ වන දරුවා බවයි අනාවරණය වී ඇත්තේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසන්නේ දැනට පවත්වා ඇති මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ රාත්‍රී කාලයේ ඇතිවූ යම් බහින්බස් වීමක් දුරදිග යාමෙන් පිරිමි පුද්ගලයා විසින් කාන්තාව සහ දරුවන් ඝාතනය කර ඉන්පසු ඔහු ද සියදිවි නසාගෙන ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.
1350 Views
Comments