MAR
01
දොස්තර සාෆි විසින් වඳ කළ බව කියන කාන්තාවන් 130 කට දරුවන් ලැබී ඇති බව හෙළි වේ

ජනාධිපතිවරණ සමයේ දොස්තර සාෆි ශිහාබ්දීන් ට එරෙහිව මව්වරුන් ව්‍යන්ධකරණයට ලක් කිරීම සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී, පසුව ඒ පිළිබඳ කළ නඩු විභාගයකින් දොස්තර සාෆි එසේ නොකළ බවට ඔප්පු වීමෙන් අනතුරුව නියමිත රාජකාරි කාලයට අදාළව වැටුප් ගෙවීමට ද අධිකරණය විසින් රජයට නියම කරනු ලැබීය.
එලෙස දොස්තර සාෆිට එරෙහි ව්‍යන්ධකරණයට ලක් කිරීම පිළිබඳ මව්වරුන් ගණනාවක් පැමිණිලි ඉදිරිපත් කර තිබූ අතර එයින් මව්වරුන් එකසිය තිස් දෙනෙකුට පමණ මේ වන විට දරුවන් ලැබී ඇති අතර එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ආරංචි මාර්ග සඳහන් කරයි.
198 Views
Comments