“කිහිපවතාවක්ම කලා ඒත් බැරිවුණා” ඉඳිකටුවට නූලක්වත් දාගන්න බැරි සුරූපී ලේලියට අත්වුණු ඉරණම මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
01

“කිහිපවතාවක්ම කලා ඒත් බැරිවුණා” ඉඳිකටුවට නූලක්වත් දාගන්න බැරි සුරූපී ලේලියට අත්වුණු ඉරණම මෙන්න

“කිහිපවතාවක්ම කලා ඒත් බැරිවුණා” ඉඳිකටුවට නූලක්වත් දාගන්න බැරි සුරූපී ලේලියට අත්වුණු ඉරණම මෙන්න

මාස හතරකට පමණ ඉහතදී කැන්දාගෙන ආ මනමාලියට කොට්ට උරයක් මසා ගැනීමට නැන්දම්මා දුන් ඉඳිකටුවට නූලක් දමා ගත නොහැකිවීමේ සිදුවීමක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තාවේ.

 

සිද්ධිය මෙසේය.

 

කෑගල්ලේ නිවසක 72 හැවිරිදි සිව්දරු මව සහ 78 හැවිරිදි පියා තම 30 හැවිරිදි බාල පිරිමි දරුවා පදිංචිව සිටිති. ගොවිතැන් කරමින් ජීවත් වන වයෝවෘද්ධ මව්පිය යුවළගේ වැඩිමල් ගැහැනු දරුවන් තිදෙනාම විවිධ ප්‍රදේශවල පුද්ගලයින් සමඟ විවාහ වී පදිංචිව සිටියි.

 

පවුලේ එකම පිරිමි දරුවා වන බාල පුතු කෑගල්ල නගරයේ රාජ්‍ය ආයතනයක රැකියාවකට යන එන අවස්ථාවේදී මීට වසර දෙකකට පමණ ඉහතදී නෙළුම්දෙණිය ප්‍රදේශයේ තරුණියක හඳුනාගෙන දෙපාර්ශවයේම ආශීර්වාද මැද මාස හතරකට ඉහතදී උත්සවයක් පවත්වා මනාලිය නිවසට කැන්දාගෙන එනු ලැබිණි.

 

මනමාලියද වරකාපොළ ප්‍රදේශයේ ආයතනයක රැකියාවකට දිනපතා යන එන අතර දහවල් කාලයට නිවසේ ජීවත්ව සිටින්නේ වයෝවෘද්ධ මව්පිය යුවළ පමණකි.

 

පසුගිය දිනයක වයෝවෘද්ධ මව ඇගේ සහ සැමියාගේ ඇඳ ඇතිරිලි හා කොට්ට උර සෝදා වේලාගෙන සන්ධ්‍යාවේ කොට්ට උර මැසීමට ගිය අවස්ථාවේදී ඇය ඉදිකටුවට නූල දමා ගැනීමට අවස්ථා කිහිපයක්ම උත්සාහ කළත් අසාර්ථක වී තිබුණේ ඇගේ ඇසේ පෙනීම අඩුව තිබු බැවිණි.

 


අනතුරුව වයෝවෘද්ධ මව පුටුවක හිඳගෙන බුලත් විටක් කෑමට සූදානමින් සිටි තම සැමියා අසලට ගොස් ඉදිකටුව සහ නූල් කැබැල්ලක් දී එය අමුණා දෙන ලෙස කීවාය.

 

වයෝවෘද්ධ පියාද ඉදිකටුවට නූල දමා ගැනීමට උත්සාහ කළත් අවසානයේ නොහැකි විය.

 

පසුව ඔහු සිය බිරිඳට ප්‍රකාශ කර ඇත්තේ “අපි දැන් වයසයි ඇස් පේන්නෙ නැහැනෙ හරියට හෙට ඉරිදා ලේලි ගෙදර ඉන්නවානේ උඹ ලේලිට කියලා අමුණා ගනින්” කියාය. 

 

පසුව වයෝවෘද්ධ කාන්තාව නූලයි ඉදිකටුවයි පසෙක තබා පසුදා පෙරවරුවේ ඉදිකටුවයි නූල් කෑල්ලකුයි රැගෙන ලේලිය සිටි කාමරයට ගොස් නූල අමුණා දෙන ලෙස ඇයගෙන් ඉල්ලීමක් කළාය.

 

ලේලිය ඉදිකටුවයි නූල් කැබැල්ලයි රැගෙන කාමරයේ සිට ඉදිකටුවට නූල දැමීමට උත්සාහ කළත් පලක් වූයේ නැත.

 

අනතුරුව ලේලිය මිදුලට ගොස් නැන්දම්මා ඉදිරියේ ඉදිකටුවට නූල දැමීමට උත්සාහ කළත් අවසානයේ ඉන්ද ඵලක් වූයේ නැත.

 

‘‘“මගේ ඇස් පෙන්නේ නැති හින්දා තාත්තට දුන්නා නූල දාලා දෙන්න කියලා ඒත් බැරි වුණා, උඹට දුන්නා උඹටත් බැරිවූ නිසා ඉදිකටුවට නූල දාන්න මෙන්න මෙහාට දියං ඉදිකටුවයි නූල් කෑල්ලයි” යනුවෙන් පවසා ලේලියගේ අත තිබූ ඉදිකටුවයි නූල් කැබැල්ලයි නැන්දම්මා විසින් උදුරා ගත්තාය.

 

පසුව වයෝවෘද්ධ කාන්තාව ලේලිට දොස් පවර පවරා අසල්වැසි නිවසකට ගොස් පාසල් දැරියකට පවසා ඉදිකටුවට නූල දමාගෙන පැමිණ කොට්ට උර තුන හතර මසා ගෙන ඇතැයි වාර්තාවේ.

views

4766 Views

Comments

arrow-up