ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ජාත්‍යන්තර සූපවේදීන්ගේ තරඟයක පළමු දෙවැනි ස්ථාන දෙකම ලංකාවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ජාත්‍යන්තර සූපවේදීන්ගේ තරඟයක පළමු දෙවැනි ස්ථාන දෙකම ලංකාවට

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ජාත්‍යන්තර සූපවේදීන්ගේ තරඟයක පළමු දෙවැනි ස්ථාන දෙකම ලංකාවට

ඕස්ට්‍රේලියාවේ වාසය කරන සූපවේදීන් අතර පැවැත්වූ ප්‍රධාන ජාත්‍යන්තර තරගයකින් පළමු සහ දෙවන ස්ථාන දෙකම දිනා ගැනීමට ශ්‍රී ලාංකිකකයන් දෙදෙනෙකු සමත් වී තිබෙනවා. 

 

එහිදී පළමු ස්ථානය දිනාගැනීමට මෙල්බන්හී වාසය කරන ශ්‍රී ලාංකික සූපවේදී දොන් ශර්මන් සමත් වූ අතර දෙවන ස්ථානය ඇඩිලේඩ් නුවර වාසය කරන ශ්‍රී ලාංකික සූපවේදී මෙලාන් එඩිසන් විසින් දිනගෙන තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ඉහළම සූපවේදීන් විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූ අතර ආහාර වට්ටෝරුවක් පිළියෙල කරන ආකාරය යූටියුම් වෙත එක් කිරීමයි එහිදී සිදුකළ යුතු වූයේ. 

 

එහිදී වැඩිම Likes ප්‍රමානය හිමිකරගත් දොන් ශර්මන් හට ඉතාලියේ සූපශාස්ත්‍ර අධ්‍යයන චාරිකාවක් සඳහා නැවත ගොස් පැමිණීමට අවස්ථාව උදාවී තිබෙනවා. දෙවන ස්ථාන දිනාගත් මෙලාන්
එඩිසන් හට සිය ආහාර වට්ටෝරුව සූප ශාස්ත්‍ර පිළිබඳ සඟරාවක පළ කර ගැනීමටද මෙහිදී අවස්ථාව හිමි වුණා.

 

views

81 Views

Comments

arrow-up